5G තාක්ෂණය නිසා ජය ශ්‍රී මහා බෝධියට අනතුරක් –  දළඳා වහන්සේ වෙනුවෙන් කතා කල අය කොහෙද?

  පරිගණක ඉංජිනේරු නිල්හාන් ඉසුරු උඩුවරගේ,තාක්ෂණික ඉංජිනේරු උමේෂ්,පාරම්පරික හෙළ වෛදය්‍යාචාර්‍ය මංජුල චතුරංග යන මහත්වරු ප්‍රවීන මාධ‍ය්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ මාධ‍ය්‍ය සාකචිජාවකට සම්බන්ධ වෙමින් 5G තාක්ෂණ‍ය නිසා ජය ශ්‍රී මහා බෝධියේ පත්‍ර කලු පැහැ ගැන්වීම පිලිබඳ සැඟවුණු තොරතුරු අනාවරණය කරන ලදි.

  මෙලෙස බෝධියේ පත්‍ර කලු පැහැ ගැන්වීමට දිලීරයක් හේතු නොවූ බවත් බෝධියේ පිටුපස විශ්‍රාම ශාලාව අසල ඉදිකර තිබූ දුරකථන කුලුනේ අධික තරංග මෙයට හේතු වූ බවත් නිල්හාන් උඩුවරගේ මහතා පවසයි.

  මෙලෙස ඉදිකර තිබූ දුරකථන කුලුන මගින් 5G විසුරුවා හරින බවත් වැඩිදුර පර්‍යේෂණ වලදී අනාවරණය විය.මේ අනුව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නියමයට අනුව ප්‍රසිද්ධ ස්ථානයක් අසල මෙලෙස කුලුනු ඉදි කිරීම ප්‍රබල වරදක් බව තාක්ෂණික ඉංජිනේරු උමේෂ් මහතා පවසයි.

  තවදුරටත් කරුණු අනාවරණය කරමින් පාරම්පරික හෙල වෛදය්‍යාචර්‍ය මංජුල චතුරංග මහතා පවසන්නේ මෙම කුලුන දෙසට වන්නට තිබෙන බෝපත් මෙලෙස කලු පැහැ ගැන්වි ඇති බවයි.මෙම කුලුන ඉදි කිරීමට අටමස්ථානාධිපති හිමිගේ පූර්ණ අවසරය හිමිව වූ බවත් මෙම කුලුන මාර්ගයෙන් යම් කිසි මුදලක් මෙම හිමිනමට හිමි වන බවත් මොහු වැඩිදුරටත් පවසා සිටියේය.

  මේ සම්බන්ධව අදාල අංශ නිසි පියවර ගත යුතු බවත් මේ සම්බන්ධයෙන් වූ විවිධ තොරතුරු මංජුල චතුරංග මහතා සතුව පවතින බවත් මෙහිදී අවධාරණය කරන ලදි.

ජය ශ්‍රි මහා බෝධියේ පත්‍ර කලු පැහැ ගැන්වීම සදහා මෙම දුරකථන කුලුන බලපා අැති ආකාරය පිළිබඳ සියලු තොරතුරු දැන ගැනීමට පහත වීඩියෝව නරඹන්න.

අප මීට පෙර මෙම සිද්දිය පිලිබදව පලකල පුවත

ජය ශ්‍රී මහා බෝ සමිදුත් අනතුරක. වගකිව යුතු රාජ්‍ය නිලධාරීන් නිද්‍රා සුවයේ.
https://www.ravanalankanews.lk/%e0%b6%a2%e0%b6%ba-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%b8%e0%b7%84%e0%b7%8f-%e0%b6%b6%e0%b7%9d-%e0%b7%83%e0%b6%b8%e0%b7%92%e0%b6%af%e0%b7%94%e0%b6%ad%e0%b7%8a-%e0%b6%85%e0%b6%b1/

Exit mobile version