පිලිපීනයේ මින්දනාවෝ දූපත ආසන්නයේ සිදුවූ ප්රබල භූ කම්පනයකින් පුද්ගලයින් හයදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර විදෙස් වාර්තා සඳහන් කළේ එහි ප්රබලත්වය රික්ටර් පරිමාණ ඒකක 6.7 ක් ලෙස සටහන් වී තිබූ බවයි.
මෙම භූ කම්පනය ඉන්දුනීසියාවට සහ මැලේසියාවටද දැනී ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබේ.