6 හැවිරිදි දැරිය ළිඳට බිලි.

මදුරන්කුලිය විරුතොඩේ ප්‍රදේශයේදී ළිඳකට වැටී දියේ ගිලී‍මෙන් දැරියක් මියගොස් ඇති බව වාර්තා වේ.

පුත්තලම රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී එම දැරිය මියගොස් තිබේ. 

මෙලෙස මියගොස් ඇත්තේ 06 හැවිරිදි විරුතොඩේ මදුරන්කුලි ප්‍රදේශයේ පදිංචිව සිටි කුඩා දැරියකි.

මෙම දැරිය ඊයේ (15) උදෑසන කාලයේ සිය නිවස අසල පිහිටි ළිඳෙන් පනිට්ටුවක් ආධාරයෙන් වතුර ගැනීමට යාමේදී ළිඳට වැටී ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී හෙළිවී තිබේ.

කෙසේවෙතත් වැඩිදුර විමර්ශන කටයුතු මදුරන්කුලිය පොලීසිය විසින් සිදුකරනු ලබයි.

Exit mobile version