බස් – ලොරි අනතුරින් 6කට තුවාලයි.

කිලිනොච්චිය, කොකාවිල් ප්‍රදේශයේදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයක් හා යුද හමුදා සාමාජිකයින් පිරිසක් රැගෙන ගිය ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.

අනතුරින් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා ඇති බවට මාන්කුලම පොලීසිය පවසයි.

පොලීසිය පැවසූවේ මුලතිව්, තුනුක්කායි ප්‍රදේශයේ සිට යාපනය, කරෙයිනගර් දක්වා ගමන්ගත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් හා මාන්කුලම දෙස සිට කිලිනොච්චිය දෙසට ගමන්ගත් යුද හමුදා සාමාජිකයින් රැගෙන ගිය ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් ලොරි රථය පෙරළී ගොස් තිබු අතර, එහි ගමන්ගත් යුද හමුදා සාමාජිකයින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති අතර, බස් රථයේ රියදුරු හා බස් රථයේ ගමන්ගත් කාන්තාවක්ද තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කොට තිබිණි.

තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බවට රෝහල් ආරංචි මාර්ග පැවසු අතර, අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවට පොලීසිය පවසා තිබේ.

වේගය පාලනය කර ගැනීමට නොහැකිව අනතුර සිදුව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මාන්කුලම පොලීසිය වැඩිදුර පරික්ෂණ මෙහෙයවනු ලබයි.

Exit mobile version