2024 ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලට මෙරට විශ්වවිද්‍යාල 6 ක්.

2024 වර්ෂයේ ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වල දී ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල 6 ක් එක්වී තිබෙන බව වාර්තා වේ .

මේ සඳහා ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවට ලොව පුරා රටවල් 108ක විශ්වවිද්‍යාල 1904 ඇතුළත්ව තිබේ .

ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලය හා පේරාදෙණිය විශ්වවිද්‍යාලය ශ්‍රේණිගත කිරීම් වලින් 1001 ත් 1200 ත් අතරට පැමිණ තිබෙන අතර ශ්‍රේණිගත කිරීම් වල 1501 තුළ කැලණිය විශ්වවිද්‍යාලය හා ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලය රැඳී සිටින බව සඳහන්.

එමෙන්ම ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය හා ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විශ්වවිද්‍යාලය ද එම ශ්‍රේණිගත කිරීම් වලට එක්වී තිබෙන බව වාර්තා වේ.

Exit mobile version