60ට වැඩි පුද්ගලයින්ට බූසටර් එන්නත අද සිට

වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයින් සඳහා බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා දීමේ වැඩපිළිවෙළ අද (17) සිට ආරම්භ වේ.

ඒ අනුව බූස්ටර් මාත්‍රාව වශයෙන් ෆයිසර් එන්නත් මාත්‍රාවක් ලබා දීමට නියමිත බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.

අද දිනයේ මෙම බූස්ටර් එන්නත් ලබා දීම බස්නාහිර පළාතේ සහ දකුණු පළාතේ මෙන් ම අනුරාධපුර සහ අම්පාර යන දිස්ත්‍රික්කවල වයස අවුරුදු 60 වැඩි පුද්ගලයින් සඳහා ලබාදෙන බවයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ.

එමෙන්ම මෙම බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගැනීමේ දී එම පුද්ගලයින් දෙවන එන්නත් මාත්‍රාව ලබාගෙන මාස 03ක කාලයක් ගතව තිබීම ද  අනිවාර්යය වන බව සඳහන් වේ.

Exit mobile version