පතන දිඹුල පොලිස් බල ප්රදේශයේ මේෆිල්ඩ් වතුයායේ අවුරුදු 13ක දැරියක් දුෂණයට ලක් කිරිමේ චෝදනා මත සැකපිට අත් අඩංගුවට ගත් එම වතුයායේ අවුරුදු 60ක් වයසැති පුද්ගලයකු හැටන් දිසා හා මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව එම සැකකරු මේ මස 19වන දින දක්වා රක්ෂිත බන්දනාගාර ගත කිරිමට හැටන් දිසා විනිසුරු හා මහේස්ත්රාත් එම්. ෆරිඩ්ඩින් මහතා විසින් නියෝග කරන ලදි.
මේෆිල්ඩ් වතුයායේ පදිංචි වයස අවුරුදු 13ක පාසල් දැරියක් දුෂණයට ලක් කිරිමක් පිලිබදව පතන දිඹුල පොලිසියට ලැබුන පැමිණිල්ලක් මත පරික්ෂණ ආරම්භ කල පතන දිඹුල පොලිසිය එයට සම්බන්ධ බවට සැක පිට එම වතුයායේම පදිංචි අවුරුදු හැටක් වයසැති පුද්ගලයකු අත් අඩංගුවට ගන්නා ලදි.
එසේ අත් අඩංගුවට ගන්නා ලද එම සැකකරු වන පෙරුමාල් රාජා යන අය හැටන් දිසා අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව එම සැකකරු මේ මස 16වන දින දක්වා රක්ෂිත බන්දනාගාර ගත කිරිමට නියෝග කල හැටන් දිසා විනිසුරු හා මහේස්ත්රාත් එම්. ෆරිඩ්ඩින් මහතා අදාල දැරිය දික්ඔය ග්ලැන්කන් දිස්ත්රික් මුලීක රෝහලට ඇතුලත් කිරිමටද නියෝග කරන ලදි..