මාර්ග සංවර්ධනය සඳහා ඩොලර් මිලියන 60 ක ණයක්.

දැනට ආරම්භ කර ඇති සහ සංවර්ධන කටයුතු අවසන් කර නැති මහා මාර්ග සංවර්ධනය සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ණයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව අරඅදිමින් සිටින බව වාර්තා වේ .

ඒ අනුව දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ එම ණය මුදල ලබාගැනීමට ශ්‍රී ලංකාව කටයුතු සූදානම් කර ඇති බව සඳහන් .

එම සම්පූර්ණ ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 68.5ක් වැය වෙතැයි ඇස්තමේන්තු කර ඇති අතර ඉන් ඩොලර් මිලියන 8.5ක් ශ්‍රී ලංකා රජය මඟින් දැරීමට නියමිතව තිබේ .

එමෙන්ම ඊට අදාළ ගිවිසුමට අද (28) අත්සන් තබා ඇති බව ද වාර්තා වේ .

Exit mobile version