හෝටල් ව්‍යාපෘතියක් සදහා රුපියල් මිලියන 65 ක් ලබා ගෙන වංචාවක් සිදු කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පිටකොටුව ඕල්කට් මාවත ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම ගණුදෙනුව සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදු කරමින් පවතින බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ.