දශක කිහිපයක් පුරා මෙරට සිදුවුයේ වනාන්තර විනාශය පමණි. මෙම ලිපිය ලියන ලියුම් කරු 1994 ට පෙර තිබු “හරිත මිතුරෝ” ව්‍යාපෘතියට සම්බන්ධ වන්නේ වයස අවුරුදු 8 ක් වන වයසේදී පමණය. ඉන් පසු පැවතී රජයන් යටතේ දේශපාලන වුවමනාවන් මත සිදුවුයේ අප කුඩාකල වගාකළ ‘වන වගාවන්’ විනාශ කිරීම පමණි. ඉන් අනතුරුව මෙරට කිසිදු ස්ථානයක වන වගා ව්‍යාපෘතීන් වෙනුවෙන් රජයෙන් ක්‍රියාත්මක කරන ලද වන වගා ව්‍යාපෘතීන් අප දුටුවේ නැත.
එවැනි ව්‍යාපෘතීන් කෙසේ වෙතත් අප දුටුවේ ඉතා වටිනා වැසි වනාන්තර පවා ලෝකයට අහිමි වන ලෙස දේශපාලඥයන් සහ ඔවුන්ගේ ගෝලයන් විසින් විනාශ කරමින් ඔවුන්ගේ දේශපාලන ගමන තර කර ගන්නා ආකාරයයි. මෙරට බොහෝ ඉඩම් ඔවුන් මංකොල්ල කෑවේය. රටේ වනාන්තර පෙදෙස් පවා ඔවුන් කාටත් හොරා රහසේම ලියා ගත්තේය. ඒවා එළියට එන්නේ තවත් බොහෝ කාලයක් ගිය පසුවය .ඒවාට විරුද්ධව ජනතාව එළි බසින විට අද ඔප්පු පෙන්වීමට ඔවුන් පුරුදුව සිටී.
එබැවින් රටේ මහජන ව්‍යවස්ථාවට අනුව ජනාධිපති ලෙස 1994 ට පෙර තිබූ “හරිත මිතුරෝ” ව්‍යාපෘතිය තුලින් කල දැවැන්ත ව්‍යාපෘතිය පිළිබඳව මනා වැටහීමක් ඔහුට ඇති බවට අප විශ්වාස කරන්නෙමු. එබැවින් මාධ්‍ය ආයතනයක් ලෙස සහ “හරිත මිතුරෝ” ව්‍යාපාරයක් මෙරට ‘ජන මනස’ වෙනස් කරමින් වෙනස් කළ දැවැන්ත මෙහෙවර පිළිබඳව තිබෙන අත්දැකීම් මතද ඉදිරියේ පැමිණෙන වැසි සමය ඉලක්ක කර ගනිමින් ගිනි තැබූ හා අනෙකුත් සියලුම රක්ෂිතවල නැවත ‘වන වගාව’ ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස අපි යෝජනා කරන්නෙමු.
එසේම පැවති “හරිත මිතුරෝ” ව්‍යාපෘතිය නැවත වරක් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙසද අපි යෝජනා කරන්නෙමු.