යාපනය,කදෙයිකාඩු මුහුදු ප්රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 7 දෙනෙකු සමග ඩිංගි යාත්රා 2ක් සහ නීතිවිරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගෙන ඇති බව වාර්තා වේ.
ඊයේ(01) රාත්රී උතුරු නාවික විධානයේ වෙත්තලකේනි නාවික ස්ථානගත කිරීමට අයත් චුන්ඩිකුලම් නාවික අනුඛණ්ඩය මගින් වැටලීම සිදු කර තිබේ.
මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයන් අවුරුදු 21ත් 38ත් අතර වයසේ පසුවන යාපනය ,මුල්ලියාන් ප්රදේශයේ පදිංචිකරුවන් බවට හදුනාගෙන තිබේ.
ඔවුන් ඩිංගි යාත්රා සහ ධීවර ආම්පන්න සමග ඉදිරි නීතිමය කටයුතු සදහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර තිබේ.