බඩල් කුඹුර බෝගහපැලැස්ස ගම්මානයේදී මෙරට නිෂ්පාදිත බදින තුවක්කු , ඊයම් බෝල, මරුවැල් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
දඩයම් කිරීම සදහා යොදා ගන්නාලද බවට තහවුරු කරගෙන ඇති මෙම ද්‍රව්‍ය අතර බදින තුවක්කු 7 ක්, ඊයම් බෝල 14 ක්, මරුවැල් 16 ක් ඇති බව පොලිසිය සදහන් කර තිබේ.
මෙම ප්‍රදේශයේ මීටපෙර අවස්තාවන් වලදී පොලිසිය නීතිවිරෝධී අවි වැටලීම් සදහා ගිය අවස්තාවන් වලදී වෙඩි වැදී පොලිස් නිලධාරීන් මියගොස් ඇති බවත් මෙම වැටලීම පොලිසියට ලද තොරතුරක් මත සැකකරුගේම නිවසේ ශුක්ෂම ලෙස සගවා තිබියදී පොලිසිය විසින් සොයා ගෙන ඇති බවයි වාර්තාවන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරු මොනරාගල අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතව තිබේ.
(චායා රුප අන්තර්ජාලයෙන්)