7 හැවිරිදි දියණියට 39 වියැති මාමාගෙන් ලිංගික අතවර

ඊයේ (10) සවස රත්ගම පොලිසියට ලද පැමිණිල්ලකට අනුව හත්හැවිරිදි දැරියකට ලිංගික අතවර කලබව කියන දැරියගේ ඥාති මාමා අත්අඩංගුවට ගැනිම සදහා විමර්ශන කටයුතු ආරම්භකොට ඇති බව වාර්තාවේ.

අතවරයට ලක්වූ බව කියන දැරියගේ මව විදේශගතව සිටින අතර දැරිය මිත්තනිය සමග සිට තිබේ. මෙම සිදුවීම සිදුවුබව කියන දින සැකකරු මෙම නිවසට පැමිණ තිබේ. ඒ වනවිට මිත්තනිය නිවසින් බැහැරව සිට ඇති අතර මෙම අවස්තාවේදී  දැරියට අතවර කොට ඇති බවයි සදහන් වන්නේ.

සැකකරු  රත්ගම ගම්මැද්ද ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි විවාහක පුද්ගලයකු බවත් ලිංගික අතවරයට ලක්වු දැරිය වෛද්‍ය පරික්ෂණයක් සදහා අද (11) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට යොමුකරණ බවත්  පොලිසිය පවසයි.

මෙම ලිංගික අතවර සිදුකොට ඇති සැකකරු මේවනවිට  ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනිම සදහා රත්ගම පොලිසිය විසින් පරික්ෂණ ආරම්භකොට තිබේ.

Exit mobile version