කොළඹ නගරයේ අවදානම් සහිත ගස් 700ක්.

කොළඹ නගරයේ අවදානම් සහිත ගස් 700ක ආසන්න සංඛ්‍යාවක් ඇති බවට කොළඹ මහ නගර සභාව පවසා ඇති බව වාර්තා වේ.

නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන සඳහන් කළේ, ඉන් ගස් 200ක් සම්පුර්ණයෙන්ම ඉවත් කිරීමට හඳුනාගෙන ඇති බවයි.

මේ අතර කොළඹ නගර සංවර්ධන සැලැස්ම යටතේ වසර 50 කට සරිලන ගස් වගා කිරීමට සැලසුම් කර ඇති බවටද කොමසාරිස් භද්‍රානි ජයවර්ධන සඳහන් කළාය.

Exit mobile version