අද (04) දිනට 74 වන ජාතික නිදහස් දිනය යෙදී ඇති අතර ඊට සමගාමීව නිදහස් දින සැමරුම් උළෙල කොළඹ නිදහස් චතුරස්රයේ දී අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.
ඒ අනුව මෙවර නිදහස් දින සැමරුම් උළෙළේ තේමාව වී ඇත්තේ අභියෝග ජයගත් ඉසුරුමත් ෙහට දිනක් -සෞභාග්‍යමත් මව්බිමක් යන්නයි.
අද පෙරවරු 08.13ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උත්සව සභාව වෙත පැමිණීම සමග නිදහස් උළෙළ කටයුතු ආරම්භ කෙරිණ.
අනතුරු ජාතිය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහි කිරීම සඳහා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීම සිදුකෙරින.
ත්‍රිවිධ හමුදා පෙළපාලි සහ සංස්කෘතික කණ්ඩායම් අංග ඉන් පසුව පැවැත්වෙන අතර ඒ සඳහා 6,500ක භට පිරිසක් සහ සන්නද්ධ රථ 111ක් සහභාගී කරගැනීමට නියමිතව ඇත.