77ත් සැමරූ මහින්ද තවත් බල අරගලයේ. තමන් කිසිවිටෙකත් ජනතාව අත හැර පලා ගියේ නැහැ – මහින්ද කියයි.

අද (22) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ සංශෝධනයන්ට එකඟව අයවැය සඳහා සියලුදෙනා සහාය ධක්විය යුතු බවයි.

එමෙන්ම කිසිවිටෙකත් ජනතාව අතහැර තමා පළා නොගිය බව එහිදී හිටපු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

මිට අමතරව වැඩිදුරටත් අදහස් දක්වමින් එතුමා ප්‍රකාශ කර සිටියේ ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා වශයෙන් නව ආර්ථිකයක් නිර්මාණය කරන බව අයවැයෙන් පෙන්වා දී ඇති බවත් එවැනි ආර්ථිකයක් බිහි කිරීමට නම් දිගු කාලීන හා කෙටි කාලින කටයුතු රැසක් සිදුකිරීමට තිබෙන බවත් ය.

කෙසේ වෙතත් රාජපක්ෂ මහතා ජනතාව අතහැර පළා නොගිය බව පැවසුවද මේ වන විට බහුතරයක් ජනතාව අතරින් ප්‍රතික්ෂේප වූ පුද්ගලයෙකු ලෙස සමාජය දෙස බැලීමේදී වටහාගත හැකිය.එසේම ජනතාව වෙනුවෙන් බලය පසුපස හඹා යනවාද නැතිනම් වෙනත් කරුණක් නිසා බලයේ රැඳී සිටිනවාද යන්න ගැටලුවකි.මන්ද යත් ඔහු මේ වන විට 77 වන වියේ පසුවන බැවිනි. ඇත්තටම දේශපාලඥයින් විශ්‍රාම ගන්නේ මියගිය පසුව වන අතර එතෙක් ඔවුන් කාගෙන් හෝ අත්වාරු ගෙන බඩ ගාන්නේ තවත් ධනය බලය රැස් කිරීම සඳහා නොවේද.

Exit mobile version