සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අටකලන් කෝරළයේමැදපත්තුව අංක 599 ඇම්ටියාගොඩ ග්‍රාම නිලධාරී වසම තුල පිහිටි ඇමටියාගොඩ වලව්ව ශක වර්ෂ 1683 (ක්‍රි.ව.1761)
සිංහල රාජ වංශයේ අවසන් ජයග්‍රාහී සටන වූ කටුවන මාතර ලන්දේසි සටන හා බැදුනු රාජකීය වරප්‍රසාදයක් ලෙස පිරිනැමුණු ඇමටියාගොඩ නින්දගම තුල කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජුගේ රාජකීය නියෝගයෙන් වලව්වක් ඉදිකිරීමට වරප්‍රසාදයක් ලෙස ලද තඹ උළුකැටය තබා ඉදිකළ ඇමටියාගොඩ ගුණතිලක අලහකෝන් මහමුදලි තුමන් ජීවත් වූ ඓතිහාසික වලව්වසබරගමුව පළාතේ මෙවැනි සැබෑ වලව් 13 ක් ඉදිකල බව ඉතිහාසයේ සැකෙවින් දැක්වෙයි.
මෙම වලව් සදහා රාජකාරී වැඩ ලේඛනද පවරා ඇතිබව ලේකම් මිටියේ සදහන් වෙයි.එම ලේඛන ලේඛනාරක්ෂන දෙපාර්තුමේන්තුවේ සංරක්ෂණය වෙයි.ප්‍රතිසංස්කරණයන්ට භාජනය වෙමින් අදට සහ මතුපරපුරට දැකබලා ගැනීමට සබරගමුවේ ඉතිරිව ඇති එවැනි වලව් දෙක මඩුවන්වල වලව්ව සහ ඇමටියාගොඩ වලව්ව පමණි.
1761 කටුවන මාතර ලන්දේසි සටනට නායකත්වය දුන් සබරගමු ජනනායකයන් 13 දෙනා සටන ආරම්භ කරනුයේ එවකට සඝරාජ ධූරය දැරූ වැලිවිට සිරිසරණංකර නාහිමියන්ගේ අනුසාශනා අනුවය.වේහැල්ලේ ධම්මදින්න නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් 500 භික්ෂූන් වහන්සේලා ඒ ඒ පලාත්වලින් සටනට පෙරමුණ ගෙන තිබේ.සටන ජයගැනීමෙන් පසු ඒ ඒ පලාත්වලින් පැමිණි මහාසංඝයා නැවත ගම්බිම් බලා වඩමවා රාජකීය පරිත්‍යාගයන් ලෙස ලද නින්දගම්තුල විහාරාරාම කරවා සිව්පසයෙන් උපස්ථාන කරන ලදී.
මඩුවන්වල නින්දගම තුල මඩුවන්වල විහාරයද, ඇමටියාගොඩ නින්දගම තුල ඇමටියාගොඩ විහාරයද මෙසේ ඉදිවූ විහාර වෙයි මේවා රජමහා විහාර නොවෙයි.නමුත් පුරාවිද්‍ය ස්මාරක මෙන්ම පුරාණ විහාර ලෙස ව්‍යවහාර වෙයි.ඇමටියාගොඩ නින්දගම තුල ඇමටියාගොඩ විහාරයද වලව්වද එකට ඉදිකර තිබීම තුල වලව්වට පන්සල වලව්ව ලෙසද ගෞරව නාමයක් පටබැදිව අද දක්වාම මුඛ පරම්පරාගතව පැවත එයි.මෙම දේපළ සම්බන්ධ නඩු විභාගයකදී ඇහැලපොළ නිළමේගේ තීන්දුව සදහන් තුඩපතේ මේ බව සැකෙවින් විස්තර වෙයි.
1761 කටුවන මාතර ලන්දේසි සටනට ජයග්‍රහනයත් සමග ජාතික, ආගමික, සමාජීය සංවර්ධනයක් රටතුල උදාවෙයි.ශ්‍රීපාදස්ථානය වසර 171 පසු නැවත බෞද්ධ අයිතියට ලැබීම,වේහැල්ලේ ධම්මදින්න නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් උපසම්පදා විනයකර්මය ඇතිවීම, මහනුවර රාජධානියේ සිට සිව්දිසාවන්ට ගව්වෙන් ගව්ව ටැම්පිට විහාර රාජ නියෝගයෙන් ඉදිකිරීම ආදිය වෙයි.ගුණතිලක අලහකෝන් මහමුදලි තුමන්ගේ සහයෝගය ලබමින් මීගස්තැන්නේ අධිකාරම්තුමා ගොඩකවෙල ටැම්පිට රජමහා විහාරය මහින්දාගමනය මූලිකකර මහරහත් මිහිදුරුව වාත්තුකර සාදානිමකර අදද දක්නට හැක.
මෙම විහාර රජමහ විහාර ගනයට ගැනේ.ඇතිවූ සාහිත්‍ය ප්‍රබෝධයට කොලොන්න කෝරළේ දොරපනේ මුඛවෙටි අතපත්තු පඩිවරයා ප්‍රබන්ධනය කල කැටකිරිලි සංදේශය මුල් තැනක් ගනී.කරතොට නාහිමි ලියූ භාරස කාව්‍යයද කරඳන දේවරක්ඛිත නාහිමි ලියූ මැදුම් සගිය ලියා තීන්දුකර දීම අතිශය වැදගත්ය.බෙර, දවුල්, තම්මැට්ටම්, හොරනෑ, සබරගමු නැටුම්කලාව පෝශනය වීම, දේශීය වෙදකම, බලි, තොයිල් යාග, චිත්‍ර, මූර්ති, බිතුසිතුවම් කරනය පෝෂනයද මෙම යුගයේ සිදු විය.