අද (09) උදෑසන කුරුණෑගල – පුත්තලම මාර්ගයේ වාරියපොළ වේරපොල ප්රදේශයේදී වෑන් රථයක් සහ කාර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ රිය අනතුරින් අට දෙනෙකු තුවාල ලබා වාරියපොළ රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
නමුත් අනතුරින් බරපතළ තත්ත්වයේ පසු වූ හත් දෙනෙකු වැඩි දුර ප්රථිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත.
අනතුරින් තුවාල ලබා ඇත්තේ වෑන් රථයේ පැමිණි කාන්තාවන් සිව් දෙනෙක් ඇතුළු හය දෙනෙක් සහ කාර් රථයේ පැමිණි යුවළක් බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු වාරියපොළ පොලිසියේ රථ වාහන අංශය විසින් සිදු කරන බව වාර්තා කරයි.