සංචාරකයන් ලක්ෂ 8 පනී.

මේ වසරේ ගතවූ කාලය තුළ විදෙස් සංචාරකයින් 860,000කට අධික පිරිසක් දිවයිනට පැමිණ ඇති බවට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

අගෝස්තු මාසයේ ගතවූ දින 20 තුළ පමණක් සංචාරකයින් 98,831දෙනෙකු පැමිණ ඇති බව සඳහන්.

එම සංචාරකයින් අතර ඉන්දියාවෙන් පැමිණි සංචාරකයින් 19,804දෙනෙකු සහ බ්‍රිතාන්‍යයෙන් පැමිණි සංචාරකයින් 12,188 දෙනෙකු සිටින බවට සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කර තිබේ.

ඒ අනුව මේ වන විට දිවයිනට විදෙස් සංචාරකයින් 866,744 දෙනෙකු පැමිණ ඇත.

සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරන්නේ ඉන් වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් බවත් චීනයෙන් ද සංචාරකයින් 35,000කට වැඩි පිරිසක් මේ වසරේ දිවයිනට පැමිණ ඇති බවයි.

Exit mobile version