නයිජීරියානු හමුදාවට අයත් ඩ්‍රෝන යානයක් අත්වැරදීමකින් එරට උතුරුදිග කඩුනා ගම්මානයට එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් සිවිල් වැසියන් 85 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .
මෙම ප්‍රහාරය අත්වැරදීමකින් එල්ල කළ බව නයිජීරියානු හමුදාව ද පිළිගෙන තිබෙන අතර අදාළ ප්‍රහාරය සිදුවූ ආකාරය සොයා විමර්ශනයක් ආරම්භ කිරීමට එරට ජනාධිපති බෝලා ටිනුබූ නියෝග කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සදහන් කර තිබේ .
අවිගත් කල්ලිවල ක්‍රියාකාරකම් බහුල කලාපයක් ලෙස සැලකෙන මෙම කලාපය නිතරම ගුවන් ප්‍රහාරවලට ඉලක්ක බවට පත්වන අතර මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 66 දෙනෙකු ද තුවාල ලබා ඇති බව ද වාර්තා වේ .