මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ තිරිඟු පිටි, ළදරු කිරිපිටි, ඖෂධ හා ඖෂධ නිෂ්පාදන, ආයුර්වේද උපකරණ හා නිෂ්පාදන, කෘෂිකාර්මික ට්‍රැක්ටර්, පොහොර, බීජ හා පැළ වර්ග, ඉස්සන් ගොවිපළවල භාවිතකරන ආහාර වර්ග, සත්ත්ව ආහාර, කුකුල් කර්මාන්තයට භාවිත කරන ආහාර, රෙදිපිළි කර්මාන්තයේ භාවිත කරන නූල්, අත්යන්ත්‍ර කර්මාන්තයේ භාවිත කරන ඩයි වර්ග ඇතුළු භාණ්ඩ තිහක් වැට් බද්දෙන් නිදහස් කිරීමටයි.
වාර්තා වන ආකාරයට දැනට භාණ්ඩ වර්ග 170කට වැට් බද්ද අය කරන අතර ඒ 15%කි. ලබන වසරේ ජනවාරි මාසයේ සිට වැට් බද්ද 18% දක්වා වැඩි කිරීමටද ආණ්ඩුව තීරණය කර ඇත. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට හා ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් වැට් බද්දෙන් නිදහස් කිරීමට තීරණය කර ඇත්තේ ආර්ථික අර්බුදය නිසාය. තවද විදුලි බිලට වැට් බදු අය නොකරන බව මුදල් රාජ්‍ය ඇමැති රන්ජිත් සියඹලාපිටිය ප්‍රකාශ කර තිබේ.
එහෙත් සමගි ජන බලවේගයේ මන්ත්‍රි හර්ෂද සිල්වා පාර්ලිමේන්තුවේදී ප්ර්රකාශ කළේ ඉන්ධන, සෞඛ්‍යය ඇතුළු භාණ්ඩ වර්ග රැසකට ජනවාරි මාසයේ සිට වැට් බදු අය කරන බවයි. එහෙත් මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබුනේ ඉන්ධන සඳහා වැට් බදු අය කිරීමට තීන්දු කර නොමැති බවයි.