ගුරු මාරුවීම් 8893 ක්.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත විසින් ප්‍රකාශ කොට ඇත්තේ  අද (21) දින ප්‍රාථමික ගුරුවරුන්ගේ රාජකාරී ගුරු  මාරුවීම් ලිපි තැපැල් කිරීමට නියමිතව ඇති බවයි.

පසුගිය අවුරුදු තුනක්  සදහා  මේ වනවිට ගුරු මාරුවීම් 8,893ක් අනුමත වී ඇති බවත් එසේම දරුවන්ගේ අධ්‍යාපනයට බලපාන ගුරු මාරුවී ම් ඇත්නම් ඒ පිලිබදව අභියාචනාවක් මගින් කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දෙන බව අද දින පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

“2020, 2021, 2022 යන වසර තුනේ යම් යම් හේතුන් මත එකතුවීමෙන් තුනම එකවර ගත්තා. ඒ අනුව මුළු මාරුවීම් ප්‍රමාණය 8,893ක් අනුමත කරලා තියෙනවා මාරු මණ්ඩලය මගින්. මෙයින් ප්‍රාථමික අංශයේ ගුරුවරු 6871ක් අනුමත කරලා තියෙනවා. එයින් 388ක් තැපැල් කරලා තිබුණා. ඉතුරු ලිපි ටික අද තැපැල් කරනවා. දළ වශයෙන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් තමා ඉන්නේ වසර 10කට වැඩි අනිවාර්ය මාරුවීම්. ඒ ගුරුවරු සමහරු පාසල්වල අපිට දැනුම්දුන්නා සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන්නේ දැනට තියෙන විදියට මැයි මාසයේ නිසා, සමහරවිට සතියක් දෙකක් වෙනස් වෙන්න පුළුවන් උත්තරපත්‍ර පරීක්ෂාව එක්ක. ඒ දරුවන්ට අවාසන කාලපරිච්ඡේද තුළ උගන්වන ගුරුවරු මේ අවස්ථාවේ මාරුකිරීමෙන් දරුවන්ට අගතියක් වෙනවා කියලා. 

Exit mobile version