නව වන පාර්ලිමේන්තුවේ තෙවන සභා වාරය ගිය වසරේ අගෝස්තු මස 3 වැනි දිනෙන් පත් වූ ජනපති රනිල් වික්‍රමසිංහ විසින් ආරම්භ වුණු අතර එම සභා වාරය පසුගිය ජනවාරි මස 27 වනදායින් අවසන් විය .
ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නව වන පාර්ලිමේන්තුවේ සිව්වන සභා වාරය අද පෙරවරු 10ට ආරම්භ වීමට නියමිත බව වාර්තා වේ .එහිදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන අතර ජනාධිපතිවරයා තම කතාවෙන් පසුව පාර්ලිමේන්තුව කල් තැබීම සිදු කෙරෙන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරන ලදී .
එමෙන්ම රාජ්‍ය මුදල් වැය කරමින් උත්සවයක් සංවිධානය කිරීමට විරෝධය පළ කිරීම සදහා අද පැවැත්වෙන සභා වාරයට විපක්ෂය ලෙස නියෝජනය කරන සමගි ජන බලවේගය සහභාගී නොවන බවට තීරණය කළ බව අමාත්‍ය තිස්ස අත්තනායක ප්‍රකාශ කරන ලදී .