(ශ්‍රී ලංකාවේ) රත්නපුර, බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ වැලිගෙපොල අධ්‍යාපනය කොට්ටාශයට අයත් ගල්පාය විද්‍යාලයේදී 9 වසරේ ඉගෙන ගන්නා ශිෂ්‍යයෙක් විසින් එම පන්තියේම ශිෂ්‍යාවක් පාසලේදී දූෂණය කර තිබෙන බවට පැමිණිල්ලක් ගොඩකවෙල පොලිස් ස්ථානය වෙත යොමුව තිබේ.
සිද්ධිය පිලිබදව සම්පූර්ණ වාර්තාවක් අප සතුව පවතින නමුත් ශිෂ්‍යාව දූෂණය වී තිබේද යන්න පිලිබදව වෛද්‍ය වාර්තා තවමත් ලැබී නොමැති බැවින් අනෙකුත් විස්තර සටහන් කිරීමෙන් පොලිස් පරීක්ෂණවලට බාදා ඇතිවන බැවින් පරීක්ෂණ අවසන් වු පසු ඒ පිලිබදව සම්පූර්ණ සමාජ වාර්තාවක් ඉදිරිපත් කිරීමට අප කටයුතු කරනු ඇති අතර රටේ අනාගතය මේ ආකාරයෙන් වන බවට අපගේ මාධ්‍යවේදීන් මීට සති කිහිපයකට කැබිනට් තීරණ දැනුම් දීමේ රැස්වීමේදී අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතාගේ අවධානයට ද යොමු කළේය.
කෙසේ නමුත් මෙම සිද්ධිය පිලිබදව වැඩි දුර පරීක්ෂණ ගොඩකවෙල පොලිසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපති අයි එම් බී රස්මේන්ද්ර මහතාගේ අධීක්ෂණය යටතේ සිදූ වේ. සැකකාර සිසුවා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.