9 හැවිරිදි දරුවෙකුට මරු කැදවූ ගිලන් රථය .

මාර්ගය හරහා ගමන් ගත් 9 හැවිරිදි දරුවෙකු යාපනය මාර්ගයේ මුක්කම්පන් ප්‍රදේශයේදී ගිලන් රථයක ගැටී අනතුරට පත් විය . පසුව එම දරුවා යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ .

අනතුරුව ගිලන් රථ රියදුරු පොලිස් අත්තඩංගුවට ගත් බව සදහන් කරයි. මෙම සිද්ධිය පිළිබද වැඩිදුර විමර්ශන සිදු කරන බව පුනරීන් පොලීසිය කියයි.

Exit mobile version