නව හැවිරිදි පිරිමි දරුවෙකුට පහර දී තුවාල සිදුකළ එම දරුවාගේ මව ගේ දෙවන සැමියා අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගහතැන්න , ලිහිණියාව , බේරුවල වත්ත ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙකි .
මීගහතැන්න පොලීසිය ප්‍රකාශ කරන්නේ මෙම සැකකරු විසින් දරුවාට රබර් බටයකින් පහර දී ඇති බවත් , තුවාල ලැබූ දරුවා අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ බවත් ය.
අත්අඩංගුවට ගත් සැකකරු අද (19) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ .