යාපනයේ පාසලක ගුරුවරියකගේ පහර කෑමකට ලක්වූ සිසුවියකගේ නියපොත්තක් ඉවත් කිරීමට සිදුව ඇත.
පොලීසිය ප්‍රකාශ කළ පරිදි සිසුවියගේ ඇඟිලි දෙකකට හානි සිදුවී ඇති අතර ඉන් එක් ඇඟිල්ලක නියපොත්තක් විනාශ වී යාම හේතුවෙන් වෛද්‍යවරුන් හට එම නියපොත්ත ඉවත් කිරීමට සිදුව ඇති බව වාර්තා වේ.
කෙසේ නමුදු සිදු කළ සොයාබැලීම්වල දී සඳහන් වූයේ මේ වන තෙක් මේ සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් යාපනයේ අධ්‍යාපන බලධාරීන්ට හෝ වෙනත් කිසිදු ආයතනයකට ලැබී නොමැති බවයි.