- ටිරාන් අලස් LTTE යට කප්පම් දීලා.
- මුදල් විශුද්ධිකරණ වරදකට ලක්වෙලා සිරගත වුණ තැනැත්තෙක්!
- තවත් අපරාධ ගණනාවකටම සැකකරුවෙක් ලෙස නම් කරලා!
- ආරක්ෂාව භාර ඇමතිවරයා ලෙස රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරනවා!
මෙරටට මත්ද්‍රවය ගෙන්වන ප්‍රධාන පුද්ගලයන් 30 දෙනෙක් පමණ සිටින බවත්, ඉන් එක අයෙක් වන්නේ නිමල් ලන්සා බවත්, ඔහුට කියන්නේ කුඩු ලංසා ලෙස බවත් බවත්, රටට කුඩු ගෙන්වන්නේ දේශපාලඥයන් බවත් ගම්වල තැන තැන සිටින පුද්ගලයන් නොව ඇල්ලිය යුත්තේ ඔවුන් බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේඛම් මහින්ද සමරසිංහ ප්‍රකාශ කළේය.
එහිදී ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කලේ, නිමල් ලන්සාගේ කුඩු අසු වූ අවස්ථාවේ, මහින්ද රාජපක්ෂ විසින් බේරාගත් බවත්, සනාථ නිශාන්ත විසින් එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කල බවයි.
ඒ අතරතුර මාධ්‍ය හමුවක් පවත්වමින් තරුණ නීතිඥ සංගමයේ විධායක කමිටු සාමජික නුවන් බෝපගේ මහතා ප්‍රකාශ කලේ බැඳුම්කර වංචාකරුවකු ජනාධිපති ලෙසද, මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ පුද්ගලයෙක් ආරක්ෂාව භාර ඇමැතිවරයා ලෙසද, මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළ දාමරිකයෙක් පොලිස්පති ලෙසද පත් වී සිටින බවයි.
එහිදී ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කලේ,
”දේශබන්දුගේ පත්වීම තහවුරු කරන්න ඒක සාධාරණීකරණය කරන්න විෂය භාර ඇමැති ටිරාන් අලස් ඉතිහාසයේ කිසිදු ඇමැතිවරයෙක්, කිසිදු තැනැත්තෙක් නොකළ ආකාරයේ ප්රජාතන්ත්රවිරෝධී ක්‍රියා කරමින් සිටිනවා. පසුගිය කාලයේ අධිකරණය ක්‍රියාවලියට පිටින් යමින් මිනිස්සු මැරුවා. පොලිස් අත් අඩංගුවේ මිනිස්සු මැරුවා. දෑතේ විලංගු දාලා තියෙද්දී වෙඩි තිබ්බා. ඒ සියල්ල ඝාතන බව අපි දන්නවා. එහෙම වනවිට සමාජයේ කවුරුත් ඒ ඝාතන සාධාරණීකරණය කරන්න ඉදිරිපත් වුනේ නෑ. ඒක වරදක් බව දන්නවා. නමුත් ඔවුන්ගේ තියෙන අඩුපාඩු වහගන්න ඔවුන් ඒ වැරදි කළා. ඒත් දැන් ප්‍රසිද්ධියේ ඒ වරද සාධාරණීකරණය කරන්න ටිරාන් අලස් පෙළඹිලා.
ටිරාන් අලස් ප්‍රසිද්ධියේ කියනවා පුද්ගලයන් ඝාතනය කරන්න ඔවුන් සූදානම් කියලා. අපි අහනවා පුද්ගලයන් ඝාතනය කරන්න මොකටද රාජ්‍යක්. මොකටද ආණ්ඩුවක්. ආණ්ඩුවකට පුලුවන්ද ම්ලේච්ඡත්වයට යන්න. ඊට විරුද්ධව තමයි ආණ්ඩුව ක්‍රියාකරන්න ඕන. ආණ්ඩුව ක්‍රියා කරන්න ඕන මිනිසුන්ව සාධාරණ ක්‍රමවේදයකට නීතිය, යුක්තියේ රැකවරණයට යටත්ව තියාගන්නයි. එහෙම නැත්නම් ඒක ආණ්ඩුවක් නෙවෙයි. ඒක රාජ්‍ය ත්රස්තවාදයක්.
ඒ අනුව, ටිරාන් අලස් මේ වෙලාවේ කියන්නේ රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක වෙමින් පවතිනවා ඒකට එකඟ වෙන්න කියලා. 2015 දී දෙමළ ජනතාවගේ ඡන්ද අයිතිය නැති කරන්න උතුරට කප්පන් දුන්න තැනැත්තෙක්, රාඩා ආයතනය යටතේ මුදල් විශුද්ධිකරණ වරදකට ලක්වෙලා සිරගත වුණ තැනැත්තෙක්, ඒ විතරක් නෙවෙයි පසුගිය කාලයේ අපරාධ ගණනාවකටම සැකකරුවෙක් ලෙස නම් කළ තැනැත්තෙක්. ඉතිං ඒ තැනැත්තා රාජ්‍යයේ ආරක්ෂාව භාර ඇමැතිවරයා විදියට සමාජයට පණිවිඩයක් දෙනවා දැන් රාජ්‍ය ත්‍රස්තවාදය කියලා.” ලෙස ඔහු ප්‍රකාශ කළේය.