17 හැවිරිදි තරුණයෙකු ඇඹිලිපිටිය පොලිසිය මගින් අත් අඩංගුවට

ඉඩමේ ස්නානය කරන ස්ථානයේ  පැල වී තිබුණු කංසා පැල 4 කට නිවසේ පදිංචි 17 හැවිරිදි තරුණයෙකු ඇඹිලිපිටිය පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

නිවැසියන් පවසන්නේ එම ශාක කංසා බවට කිසිවෙකුත් හදුනන්නේ නැති බවද, පොලිසියෙන් පැමිණ ඒවා ගලවාගෙන තම 17 හැවිරිදි පුත්‍රයා අත් අඩංගුවට රැගෙන ගොස් නඩු පැවරීම දැඩි අසාදාරනයක් බවය. කෙසේ වුවද, තම පුත්‍රයා බන්ධනාගාරගත කිරීමට ඉඩ ලබා දිය නොහැකි බැවින් එය වරදක් ලෙස පිළිගත් බවද ඔවුන් පවසයි. කෙසේ වුවත් තම පුත්‍රයා අතාරින ලෙස පොලිසිය තමන් බැගෑපත් උණු බවද පියා අප සමග පවන ලද්දේ දැඩි සංවේගයෙනි.

 සටහන –     සැබවින්ම මෙම තරුණයා අත් අඩංගුවට ගැනීමට පෙර , අත් අඩංගුවට ගැනීමට හෝ ප්‍රශ්න කිරීමට තිබුනේ ඉඩම හිමිකරුගෙනි. විධිමත් පරීක්ෂණයක් සිදු වුයේ නම් එම 17 හැවිරිදි තරුණයා වෙනුවට ඉඩම හිමිකරුට නඩු පැවරිය යුතුය. ජීවිතය ගැන කිසිවක් නොදත් තරුණයෙකු පිලිබදව කටයුතු කිරීමේදී , පොලිසිය මීට වඩා වගකීමෙන් කටයුතු කල යුතු අතර, සැබවින්ම මෙම ත්‍රයිලෝක විජය පත්‍ර ශාක  ඉතාම කුඩා ශාක නම් ඉබේම හටගැනීමට ද හැකිය. එසේ වීමටද හැකිය. එසේ නොමැති නම් සැබවින්ම ඔවුන් ඒවා වගා කලාද විය හැකිය. කෙසේ වුවද, ජීවිතය නිසි ලෙස වටහා නොගත් තරුණයෙකුගේ ජීවිතයට මෙසේ නඩු පැවරීම තුලින් ඔහු පොලිසියට සහ සමාජයට වෛර කරන අතර , තරුණයන් සම්බන්ද කාරනා වලදී වත් ඔහුගේ මතු අනාගතය සිතා වැඩ කිරීමට පොලිසිය සමත් විය යුතුය. වර්තාමනය විනාශ වී තිබෙන්නේ අතීතයේ මෙවැනි ක්‍රියාමාර්ග වලින් වන අතර, අහිංසක තරුණයන් අපරාධකරුවන් කරවීම තුලින් සමාජයට යහපතක් සිදු නොවන බව වටහා  ගත යුතුය.

Exit mobile version