96 කතකට පශ්චාත් උපාධියක්.

96 හැවිරිදි වියේ පසුවන කාන්තාවක් පශ්චාත් උපාධි විභාගය ඉහළින් සමත් වී තිබෙන බව වාර්තා වේ .

ඊයේ (13) ප්‍රතිඵල නිකුත් වූ කැලණිය විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන ශාස්ත්‍රපති උපාධිය මෙලෙස සමත් වී ඇති බව සඳහන් .

ඇය නාවලපිටිය , පත්තුනුපිටිය ප්‍රදේශයේ පදිංචි 96 හැවිරිදි විතානගේ ලීලාවතී ඇස්ලින් ධර්මරත්න ‍යි.

මේ අනුව පශ්චාත් උපාධියක් හිමිකර ගත් මෙරට වයස්ගතම කාන්තාව බවට ඇය පත් වී ඇති බව වාර්තා වේ .

1927 වර්ෂයේ උපත ලැබූ ලීලාවතී ඇස්ලින් ධර්මරත්න පසුගිය වසරේ දෙසැම්බර් මස පවත්වන ලද බෞද්ධ අධ්‍යයන ශාස්ත්‍රපති පාඨමාලාවේ අවසන් පරීක්ෂණයට පෙනී සිටියාය. 2001 වසරේ ත්‍රිපිටක ධර්ම හා පාලි භාෂා උපාධිය සම්බන්ධයෙන් වන ප්‍රාචීන, මධ්‍යම, අවසන් යන විභාග සියල්ලටම එකවර මුහුණ දී එම විභාග ත්‍රිත්වයම ගෞරව සම්මාන සහිතව සමත් විණි.

ලීලාවතී ඇස්ලින් ධර්මරත්න වෘත්තියෙන් ඉංග්‍රීසි ගුරුවරියක් ලෙස ද නොතාරිස්වරියක් ලෙස ද සේවය කර තිබේ .

මැය මේ වන විට සමාජයට වැඩදායී උගත් දියණිවරුන් 6 දෙනෙකුගේ සහ මුනුබුරු මිණිබිරියන් 13 දෙනෙකුගේ ආදරණීය මිත්තණියක් බවට ද පත්ව තිබේ. තම ජීවන ගමනේ සිය වන ලකුණු අබියස සිටින ඇයගේ අරමුණ සිය දෙවන දියණිය මෙන් මහාචාර්යවරියක් බවට පත්වීමයි .

එමෙන්ම ඇය වැඩි දුරටත් ප්‍රකාශ කළේ ඇගේ අධ්‍යයන කටයුතු නොකඩවා සිදු කිරීමට කටයුතු කරන බවයි .

Exit mobile version