2023/24 මහ කන්නයේ දී වී වගාව ආශ්‍රිත කෘෂිකාර්මික කටයුතු සඳහා රුපියල් කෝටි 960ක් ගොවි ජනතාව වෙත ලබා දී ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසා ඇති බව වාර්තා වේ.
අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත මහ කන්නයේ වී වගාව හා ඒ ආශ්‍රිත කෘෂිකාර්මික කටයුතු සඳහා ගොවි ගිණුම්වලටම මුදල් බැර කිරීමට පියවර ගත් බවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කර තිබේ.
ඒ අනුව හෙක්ටයාර් එකකට රුපියල් 15,000ක බැගින් ගොවීන් ලක්ෂ 12කට එම මුදල් ලබා දීමට රජය තීරණය කර තිබේ.
මේ වනවිට රුපියල් බිලියන 9.6ක මුදලක් ගොවි ගිණුම්වලටම බැර කර ඇති බවට ගොවිජන කොමසාරිස් ජනරාල් ඒ. එම්. එච්. එල්. අබේරත්න මහතා පවසා තිබේ.
අද දිනයේ තවත් රුපියල් මිලියන 450ක් ගොවි ගිණුම්ගත කිරීමට නියමිතව ඇති බවත්, මේ වනවිට සමස්ත වී වගා කරන ගොවීන්ගෙන් සියයට 93කට මහ කන්නයේ වී වගාව ආශ්‍රිතව පොහොර මිල දී ගැනීම ඇතුළු කෘෂිකාර්මික කටයුතු සඳහා රුපියල් 15,000ක දීමනාව ගිණුම්ගත කර අවසන් කර ඇති බව ද හෙතෙම පවසා තිබේ.