බොරැල්ලේ ගස් 97 ක් අවදානම් – කඩා වැටෙන්න ඔන්න මෙන්න – සැලකිලිමත් වෙන්න.

කඩා වැටීමේ අවදානමක් සහිත වැඩිම ගස් ප්‍රමාණයක් ඇත්තේ බොරැල්ල ප්‍රදේශය ආශ්‍රිතව බව කොළඹ මහ නගර සභාව සඳහන් කර තිබේ .

ඒ අනුව බොරැල්ල ප්‍රදේශය ආශ්‍රිතව අවදානම් සහිත ගස් 97ක් හඳුනා​ගෙන ඇති අතර කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ අවදානම් සහිත ගස් 329ක් හඳුනාගෙන තිබේ .

මේ දිනවල පවතින වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගස් කඩා වැටීමේ අවදානම ඉහළ ගොස් ඇති අතර කොළඹ නගරයේ අවදානම් සහිත ගස් 360ක් පිළිබඳව මහජනතාව සහ පොලීසිය විසින් කොළඹ මහ නගර සභාවට දැනුම් දී ඇති බව සඳහන් .

මේ වන විට කොළඹ නගරයේ අවදානම් සහිත ගස් 214ක් ඉවත් කර ඇති වග කොළඹ මහ නගර සභාව ප්‍රකාශ කර තිබේ .

කොළඹ නගරයේ තිබෙන අවදානම් ගස් සම්බන්ධයෙන් ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ විශේෂඥයින් කණ්ඩායමක් විසින් පසුගියදා පරීක්ෂාවට ලක් කළ අතර ඒ අනුව එහිදී ගස් 700ක් පරීක්ෂාවට ලක් කර තිබේ .

දිවයිනේ ඕනෑම නගරයක තිබෙන අවදානම් සහිත ගස් ඉවත් කිරීමට කටයුතු කරන බවත් , ඇතැම් ගස් කැපීම සඳහා නිර්දේශ ලබා ගැනීමේදී ගැටලු තත්ත්වයන් මතුවන බවත් පළාත් හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ප්‍රකාශ කරන ලදී .

Exit mobile version