හැත්තෑහය වැනි නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපති විශේෂ රාජ්‍ය සමාව යටතේ සිරකරුවන් 600ක පමණ පිරිසක් නිදහස ලැබීමට නියමිතව ඇත.
මේ ජනාධිපති සමාව ප්රදානය කිරීම සඳහා හෙට (4) සමාවට සුදුසුකම් ලබන සිරකරුවන් මෙරට සෑම බන්ධනාගාරයකින්ම නිදහස් කිරීමට නියමිතව ඇති බව බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී. දිසානායක මහතා මහතා පැවසීය.
ජනාධිපතිවරයා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගත සිරකරුවන් හට මේ විශේෂ රාජ්‍ය සමාව හිමි වේ. ඒ අනුව බන්ධනාගාරගතව 2024.02.04 වන දිනට සිර දඬුවම් විඳිමින් සිටින සිරකරුවන් හට ගත කරන ලද වසරකට හෝ ඉන් කොටසකට මාසයක සමාවක් දීම, දඩ මුදල් නොගෙවීම මත 2024.02.04 දින වන විට සිර දඬුවම් විඳිමින් සිටින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ශේෂය අහෝසි කිරීම, 2024.02.04 දින වන විට මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් වී, ඒ සඳහා (දඩ මුදල් නොගෙවීම මත නියමකර ඇති සිර දඬුවම්ද ඇතුළත්ව) පුනරුත්ථාපනයට යොමු කර ඇති සිරකරුවන්ගේ නියම කර ඇති පුනරුත්ථාපන කාලයෙන් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා අවසන් කර ඇති රැඳවූවන්ගේ පුනරුත්ථාපන කාලයේ ඉදිරි ශේෂය 1999 අංක 46 දරන පනත පරිදි ප්‍රජා විශෝධන නිලධාරියකුගේ අධීක්ෂණය යටතේ ගත කිරීමට යටත්ව අහෝසි කිරීම සිදු කර ඇත.