නාවලපිටිය පස්බාගේ කෝරළේ ප්‍රාදේශිය ලේකම්වරයා වශයෙන් වසර දෙකක පමණ කාලයක් සේවය කල චමිර නුවන් රත්නායක මහතාව (01) දින සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ සංචිතයට ස්ථාන මාරුවිමක් ලබාදිමට විරෝධය පාමින් එම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සේවකයින් සහ නාවලපිටිය ප්‍රදේශයේ සිවිල් සංවිධාන කිහිපයක් එක්ව (02) දින දහවල් නාවලපිටිය නගර මධ්‍යයේ උද්ඝෝෂණයක නිරත විය.
නාවලපිටිය පස්බාගේ කෝරළේ ප්‍රාදේශිය ලේකම් වශයෙන් කටයුතු කල චමිර නුවන් රත්නායක මහතා පළවෙනි ශ්‍රේණියේ පරිපාලන නිලධාරියෙකු බවත්, ඔහුට වසර පහක කාලයක් සේවය කිරිමට අවස්ථාව තිබියදි දේශපාලන උවමනාවක් මත ප්‍රාදේශිය ලේකම්වරයාව (01) දින පස්වරුවේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් සංචිතයට කැදවා ඇති බවයි උද්ඝෝෂණයේ නිරතව සිටි පස්බාගේ කෝරළේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සේවකයින් කියා සිටියේ.
නාවලපිටිය ප්‍රාදේශියේ සිංහල දමිල මුස්ලිම් ජනතාවට වසර දෙකක පමණ කාලයක් විශාල සේවයක් කල ප්‍රාදේශිය ලේකම්වරයාව යලිත් පස්බාගේ කෝරළේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේම සේවය කිරිමට අවස්තාව ලබාදෙන ලෙසයි උද්ඝෝෂණයේ නිරතව සිටි පිරිස වැඩි දුරටත් කියා සිටියේ.
අප මේ සම්බන්ධයෙන් ස්ථාන මාරුවිමකට ලක් වු පස්බාගේ කෝරළේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ හිටපු ප්‍රාදේශිය ලේකම් චමිර නුවන් රත්නායක මහතාගෙන් කල විමසුමකදී ඔහු කියා සිටියේ සේවා අවශ්‍යතාවයක් මත තමන්ව සංචිතයට කැදවා ඇති නිසා තමන් (02) දින සංචිතයට වාර්තා කල බවත්, පස්බාගේ කෝරළේ ප්‍රාදේශිය ලේකම් වශයෙන් කටයුතු කිරිමට පැවැත් වු පරික්ෂණයකින් තමන්ට වඩා සුදුසු කෙනෙක් එම තනතුරට සුදුසුකම් ලබා ඇති නිසා තමන්ව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ සංචිතයට කැදවා ඇති බවයි.
රංජිත් රාජපක්ෂ විසිනි