මූල්‍ය ආයතනයක් බිඳ මුදල් සොරකම් කිරීමේ සිද්ධියකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු සහ සැකකාරියන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිදුකළ විමර්ශනයකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.
ජනවාරි මස 31 වනදා හලාවත පොලිස් වසමේ මූල්‍ය ආයතනයක් බිඳ මුදලින් රුපියල් 7,090,939ක් සොරකම් කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව චෝදනා එල්ලවී තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ පොලීසිය එම සැකකරු ඊයේ (04) කොල්ලුපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු 28 හැවිරිදි වියේ පසුවන දෙනියාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන ඇති එක් සැකකාරියන් දෙදෙනා මාදිවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
වයස අවුරුදු 33 සහ 46 හැවිරිදි වියේ පසුවන එම සැකකාරියන් පස්ගොඩ සහ කඩුවෙල ප්‍රදේශවල පදිංචිකාරිණියන් බව පොලීසිය පවසයි.