ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද(05) ඉන්දියාවේ විදේශ කටයුතු ඇමති ආචාර්ය එස්. ජයශංකර් හමුවී ඇති බව වාර්තා වේ.
අපගේ ද්විපාර්ශ්වික සබඳතාව සහ එය තවදුරටත් ගැඹුරු වීමෙන් ලැබෙන අන්‍යෝන්‍ය ප්රතිලාභ පිළිබඳවත්, ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග සහ ඉදිරි මාවත ගැන ද හොඳ සාකච්ඡාවක් පැවැත්වූ බවට ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා සිය X ගිණුමේ සටහනක් තබා තිබේ.