76 නිදහස සමරණ මේ මොහොතේ රට කාගෙවත් වහලුන් බවට පත්ව යටත් විජිතවාදී රටක් නොවුවත් රට තුළ කෙතරම් දේශපාලන නිදහසක් ඇත්ද යන්න ගැටලු සහගත බව පිළිබඳ ව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසූ බව වාර්තා වේ..
ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව ජනතාවගේ භාෂණයේ දේශපාලනය කිරීමේ, මතයක් දැරීමේ නිදහස සහ සත්‍ය හෙළිදරව් කිරීමේ නිදහස අහිමි කර ඇති බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර තිබේ.
ඒ වෙනුවෙන් මාර්ගගත සුරක්ෂිතභාවය පනත කථානායකවරයා ප්රමුඛ ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග නොතකා සම්මත කර ගත් බවට විපක්ෂ නායකවරයා පවසා තිබේ.
සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 83 වැනි අදියර යටතේ ගාල්ල හපුගල මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පවසා තිබේ.
මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගයන්ත කරුණාතිලක, චන්දිම වීරක්කොඩි, සමගි ජන බලවේගයේ අක්මීමන ආසන සංවිධායක විජේපාල හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටි බව සදහන්.
උපුටා ගැනීම -ලංකාදීප