මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ල කල මැර ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයෙකුගේ සහ හිරුනිකා ප්‍රේමචන්ද්‍රගේ නිවස ඉදිරිපිට පැවති උද්ඝෝෂණයේදී මල පහ කළ පුද්ගලගේ රූපය එක හා සමාන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා ඒ බව සදහන් කලේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් වන අතර එම ප්‍රකාශය පිලිබදව ප්‍රශ්න කිරීම සදහා පොලිසියට ගෙන්වීමට නීතිමය හැකියාවක් නැති අතර සැබවින්ම ඔහු සිදු කල ප්‍රකාශය පිළිබදව තම අවධානය යොමු කිරීමට පොලිසියට සිදු වේ.
එසේම මේ පුද්ගලයන් සමාන බව ප්‍රකාශ කිරීමෙන් පොලිස් පරීක්ෂන වෙනත් අතකට යොමුවීමටද ඉඩ ඇති බැවින් ඒ පිළිබදව ද අවදානය යොමු විය යුතු අතර ඇත්ත වශයෙන්ම අපරාධකරුවන් හට සැගවී යාමටද ඉඩ නොතැබිය යුතුය.
වීඩියෝ උපුටා ගැනීම මව්රට නිව්ස් වෙතිනි.