ඉරානයේ පැවති 32 වැනි ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශූරතාවලියේදී විවෘත කේවල ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට විරේන් නෙත්තසිංහ සමත් විය.
රටවල් 20ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ200ක පමණ සහභාගිත්වයෙන් පවත්වා ඇති එම තරගාවලියේදී මේ ජයග්‍රහණය අත්කරගත් විරේන් පෙරේදා රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළෙන් මෙරටට පැමිණි අතර, ඉන් අනතුරුව ඔහු ගාල්ලේදී පැවැත්වෙන ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියට එක්වීම සඳහා පිටත්ව ගියේය.
ඔහු මේ මස අගදී උගන්ඩාවේ, පෝලන්තයේ සහ නෙදර්ලන්තයේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර තරගාවලින්වලට සහභාගි වීම සඳහා එක් වීමට නියමිත අතර, චීනයේ පැවැත්වෙන ආසියානු ශූරතා තරගාවලිය සඳහා ද සහභාගි වීමට අපේක්ෂා කරන අතර, එළඹෙන අප්‍රියෙල් මස අවසාන වන විට ලෝක ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් ඉහළ ස්ථානයකට පැමිණ ඔලිම්පික් තරගාවලියට සහභාගි වීමට සුදුසුකම් සපුරාලීම තම බලාපොරොත්තුව බව පැවසීය.
(දිනමිණ)