පොදු ප්‍රවාහන සේවාවල දී ළමුන්ට හා කාන්තාවන්ට විවිධ ලිංගික හිංසනයන් සිදුකරන පුද්ගලයින් සොයා සිදුකළ විශේෂ මෙහයුමේ දි ඊයේ (07) දිනයේ තුළ පමණක් පුද්ගලයින් 42කු අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී පොදු ප්‍රවාහන සේවය තුළ දී ලිංගික අතවර සිදුකරන ලද පුද්ගලයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර ඇති බව වාර්තා වේ.
ඊට අමතරව ගැට කපන්නන් ඇතුළු පුද්ගලයින් 24 දෙනෙකු ද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ පෙරවරු 8.00 සිට පෙරවරු 10.00 දක්වා සහ පස්වරු 5.00 සිට රාත්‍රී 7.00 දක්වා කාලය තුළ සිවිල් ඇඳුමෙන් සැරසුනු පොලිස් නිලධාරින් කණ්ඩායම් රැසක් මෙම මෙහෙයුමට එක්ව සිටි බවට මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර තිබේ.