සෙල්ල කතරගම මයිලගම මාර්ගයේ ඩීමෝ බට්ටා ලොරියක් අනතුරට ලක්වී සිදු වූ අනතුරකින් අද (08) සවස එහි ගමන් ගත් පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ විිරවිල පදිංචි මොලතිව්ව ගමගේ ගායෂාන් මදුෂංක (28) නම් අයෙකි.
වේගය පාලනය කරගත නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවට කතරගම පොලිසිය සදහන් කර තිබේ.
ඩිමො බට්ටා රථය මාර්ගයෙන් ඉවතට පැන අසල ගසක හා ලයිට් කණුවක වැදි අනතුර සිදුව ඇති බව වාර්තා වේ .