තම දරු දෙදෙනාට අමානුෂික ලෙස පහර දිමේ චෝදනා මත සැකපිට අත් අඩංගුවට ගත් එම දරුවන්ගේ පියාවන පතන ප්‍රදේශයේ පදිංචි එස්. සම්මුගනාදන් යන අය මේ මස 19වන දින දක්වා රක්ෂිත බන්දනාගාර ගත කිරිමට හැටන් දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් එම්. ෆරිඩ්ඩින් මහතා විසින් නියෝග කරන ලදි.
එමෙන්ම පහර කැමට ලක්වු අවුරුදු දහයක් හා අවුරුදු පහක් වයසැති එම දරු දෙදෙනා දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා වැඩි දුරටත් නියෝග කරන ලදි.
විදෙස් ගතව සිටින තම බිරිදගෙන් මුදල් ලබා ගැනිමේ අරමුණ මත තම දරු දෙදෙනාට අමානුෂික ලෙස පහර දෙමින් එය විඩියෝ ගත කර එම විඩියෝව බිරිදට යොමු කිරිමෙන් පසු මෙම සිද්ධිය අනාවරණය වී ඇත.
මෙම පුද්ගලයාගේ බිරිද වීදෙස් රටක ගෘහ සේවය සදහා පිටව ගොස් ඇති අතර එම කාන්තාව මෙම පුද්ගලයාට සුළු මුදලක් එවිම සම්බන්ධයෙන් කෝපයට පත්ව තම දරු දෙදෙනාට මෙසේ අමානුෂික ලෙස පහාර දෙමින් එම විඩියෝව බිරිදට යැවිමෙන් පසුව ඇය එම විඩියෝව සමාජ මාධ්‍ය වෙත මුදා හැරිමත් සමග මේ පිලිබදව පතන දිඹුල පොලිසිය විසින් පරික්ෂණ ආරම්භ කල බව පතන දිඹුල පොලිසියේ නිලධාරියකු පැවසිය.
එම පරික්ෂණ අතර තුර මෙම පුද්ගලයා වෙනත් ප්‍රදේශයකට යමින් සිටියදි ලිදුල පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන පතන දිඹුල පොලිසියට බාර දිමෙන් පසු එම සැකකරු හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල බවත් මේ පිලිබදව වැඩි දුර පරික්ෂණ මෙහෙයවන බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය. (ඡායාරූප සිද්ධියට අදාල නැත)