ශ්‍රිලංකාවේ 76වන නිදහස් දිනයට සමගාමිව රජයටත් රටටත් ජනතාවටත් වීශේෂයෙන් හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ ජනතාවටත් සෙත් පතමින් හැටන් දික්ඔය නගර සභාව මගින් ආශීර්වාද පිරිත් දේශනාවක් හා දානමය පිංකමක් 07වන දින පවත්වන ලදි.
එම නගර සභාවේ ලේකම් ඩි. වි. පි. බණ්ඩාර මහතාගේ උපදෙස් මත එම නගර සභාවේ සේවක පිරිස විසින් මෙම ආශීර්වාද පිරිත් හා දානමය පිංකම සංවිධානය කරන ලදි.