හැටන් හා ආශ්රිත ප්රදේශයන් තුල සමහර බේකරි හිමියන් විසින් අඩු බර පාන් විකිණීම සිදු කරන බවත් එම තත්වයන් පිලිබදව අදාල බලධාරින්ගේ අවදානය යොමු කල යුතු බවද ප්රදේශයේ බොහෝ පිරිසක් පවසති.
මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ පාන් රාත්තලක තිබිය යුතු නිසි බර ප්රමාණය මේ වන විට ගැසට් කර තිබුනද හැටන් ආශ්රිත ප්රදේශ වල විශේෂයෙන් වතු ආශ්රිත ප්රදේශයන් තුල නිසි බර ප්රමාණයට අඩු පාන් අලෙවිය තව දුරටත් සිදු කරන බවත්ය.
මෙම තත්වයන් මත මෙම ප්රදේශයේ අහිංසක ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්වන බවත් මෙම තත්වයන් පිලිබදව අදාල බලධාරින්ගේ දැඩි අවධානය යොමු කරන්නේ නම් එය තමන්ට කරනු ලබන විශාල සහනයක් බවත්ය.
එමෙන්ම මේ වන විට සමහර බේකරි හිමියන් පෙති පාන් පොලිතින්වල අසුරා විවිධ නම්වලින් විවිධ මිල ගනන්වලට විකිණීම සිදු කරන බවත් මෙම තත්වයන් පිලිබදවද අදාල බලධාරින්ගේ අවදානය යොමු කල යුතු බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.