කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් මෙවර මහ කන්නයේ ගොවීන්ගෙන් වී මිලදී ගත යුතු අවම මිල ගණන් ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව තෙතමනය 14%ක මට්ටමේ පවතින නාඩු වී කිලෝවක් රුපියල් 105 කට, සම්බා කිලෝවක් රුපියල් 120 කට, කීරි සම්බා කිලෝවක් රුපියල් 130 කටත් මිලදී ගත යුතුයි.
තෙතමනය 14% කට වඩා වැඩිනම් නාඩු වී කිලෝවක් රුපියල් 90 කට, සම්බා රුපියල් 100 කට සහ කීරි සම්බා රුපියල් 120 කට මිලදී ගත යුතු බවයි එම අමාත්‍යාංශය සඳහන් කරයි.