පිළියන්දල පැළැන්වත්ත ප්රදේශයේ පෞද්ගලික ගබඩාවක මීට සුළු මොහොතකට ඇතිවූ ගින්නකින් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ ව තිබේ.
දුරකතන සමාගමක උපකරණ ගබඩා කර තිබූ ගබඩාව එලෙස ගිනිගෙන තිබෙන අතර ගින්න නිවීම සඳහා කෝට්ටේ දෙහිවල හා කොළඹ මහ නගර සභාවේ ගිනි රථ දහයක් පමණ පැමිණ තිබේ.
හේතුව මෙතෙක් අනාවරණය වී නැති බවට වාර්තා වන අතර පිළියන්දල පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වාගෙන යයි .