පොලිස් දෙපාර්තමේන්තුවට බටා ගෙවීම සිදු කරනුයේ සෑම මසකම 10 වන දිනය. 10 වැනිදා නිවාඩු දිනයක් නම් ආසන්නතම වැඩ කරන දිනයේ එය නිලධාරීන්ට ලැබේ.
කෙසේ වුවත් මේ මස එය තවමත් ඔවුන්ට ලැබී නැත. වෙනත් දිනවලදී නම් එය නියමිත දිනවල නොලැබුණේ නම් එය ලැව් ගින්නක් සේ සමාජය තුළ සංසරණය වන්නේ ” ආණ්ඩුවේ සල්ලි නෑ. හිඟන ආණ්ඩුව ” ආදී ලෙසිනි. ආණ්ඩු විරෝදී කල්ලිවලට එය හොඳ සටන් පාඨයකි.
නමුත් මෙවර පොලිස් නිලධාරීන් සියල්ලෝම සතුටින් සිටිති. ඒ දින කිහිපයක් ප්‍රමාද වුවත්, මෙවර බටා මුදල් ලැබෙන්නේ වැඩි කරමින් බව දන්වා තිබෙන බැවිනි.
16000 ක් පමණ බටා ලබා ගත් නිලධාරීන්ට එය රුපියල් 28000 ක් දක්වා වැඩි කිරීමටත් , ඒ ආකාරයටම අනෙක් සියළු ම නිලධාරීන්ටද වැඩි වීමට මුලදී යෝජනා වී තිබුණත් එය නැවත යම් වෙනසකට නතුව තිබෙන බවද වාර්තා වුවත්, එය කුමක්ද යන්න සෙවීමට අප උත්සාහ නොකලේය.
කෙසේ වුවත් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව යනු, දුෂණය අතින් ලංකාවේ ඉහළින්ම තිබෙන්නේ පොලිසිය පේරාදෙණිය විශ්ව විද්‍යාලය පසුගිය දා අනාවරණය කරන ලදී.
එබැවින් ඔවුන්ගේ වැටුප් මෙන්ම දීමනාද වැඩි කරන්නාක් මෙන්ම පොලිසිවල අභ්‍යන්තර ගැටලු මෙන්ම, මහජන අප්‍රසාදයට ද හේතු සොයා ඒවා නිවැරදි කල යුතුය. ඒ වෙනුවෙන් ප්‍රතිපත්ති සැකසිය යුතුය.