විදුහල්පති සේවා සංගමය ‘අභිමානවත් විදුහල්පති සේවාවක් ගොඩනැගීම වෙනුවෙන් සැවොම එක්වෙමු’ යන තේමාව යටතේ බත්තරමුල්ල, ඉසුරුපාය ඉදිරිපිට අද (12) පස්වරුවේ විරෝධතාවක් පැවැත්වූ බව වාර්තා වේ.
උසස් වීම්, වැටුප් විෂමතා ගැටලුව, මාණ්ඩලික සේවයේ දීමනා ගැටලුව, දරුවන්ගේ පාසල් උපකරණ මිල ඉහළ යෑමේ ගැටලුව සහ පාසල්වලින් මව්පියන්ගේ මුදල් එකතු කිරීමේ ගැටලු ආදියට මෙහිදී විරෝධය දැක්වු බව සදහන්.