බේරුවල ධීවර වරායේ මුරකරුවෙකු මුහුදට වැටී මියගොස් ඇති බවට බේරුවල පොලීසිය පවසා ඇති බව වාර්තා වේ.
මෙසේ මියගොස් ඇත්තේ ප්රවීශා සහ ජෙහේවා නම් ධීවර යාත්රා සමූහයේ යාත්රා මුරකරුවෙකු බවට පොලීසිය පවසා තිබේ.
ඔහු ඊයේ රාත්රි සේවයට පැමිණ ඇති බවත් ,ඉන් පසු ඔහු නොමැති බැවින් සොයා බැලීමේදී දියේ පාවෙමින් තිබූ මළසිරුර හමුව ඇති බවත් පොලීසිය පවසා තිබේ.