ඇඹිලිපිටිය – ශ්රී සංඛපාල රජමහා විහාරයේ හිමි නමකට විරුද්ධව ගොඩකවෙල පොලිස් ස්ථානයට යොමු කර තිබෙන පැමිණිල්ලක් මාස තුනයි දවස් 15 කට වඩා වැඩි කාලයක් ගතවීත් විභාග කර නැති පුවතක් වාර්තා වෙයි.
සංඛපාල රජමහා විහාරයට අයත් නින්දගම සදහා අයත් වන්නේ අක්කර 100 කටත් වඩා අඩු ප්රමාණයක් වුවද, එම රාජමහා විහාරයේ සිට දෙපැත්තට කිලෝමීටර් 20 ක් පමණ දුරකට ඇති ඉඩම් වලට අයිතිවාසිකම් කියමින් බදු මුදල් රැස් කරමින් ජනතාවට විවිධ බලපෑම් කරන බවද, විවිධ වංචනික අකාරයෙන් ඔප්පු සකස් කර තිබෙන බවටද තොරතුරු රාශියක් අප වෙත ලැබී තිබෙන අතර අදාළ හිමිනමට විරුද්ධව පැමිණිලි කල විට ඒවා විසදීම සදහා පොලිසියට නොපැමිණෙන බවද වාර්තා වෙයි.
ගොඩකවෙල පොලිසියට CIB/2/389/07 දරන අංකය යටතේ 2021 12 01 දිනැතිව මෙම පැමිණිල්ල යොදා ඇත්තේ කොස්වැටිය ප්රදේශයේ පදිංචිකරුවෙකි.
කෙසේ හෝ ගොඩකවෙල පොලීසිය තුල අතීතයේ සිටම මෙසේ නොවිසදුනු පැමිණිලි ගනනාවක් තිබෙන අතර ශ්රී ලංකාවේ වෙනත් ප්රදේශ වලට අයත් පොලිස් ස්ථානවලද මෙසේ විසදා නැති පැමිණිලි ගනනාවක් අප සතුව තිබේ.
කෙසේ හෝ යම් පුද්ගලයෙක් පැමිණිල්ලක් විභාගය සදහා පොලිසියට කැඳ වූ විට නොපැමිණියේ නම් කල යුත්තේ කුමක්ද යන්න පොලිස් නිලධාරීන් පැහැදිලිවම ඉගෙන ගෙන තිබේ. ඔහු නොපැමිණියේ නම් ප්රදේශයේ මහේස්ත්රාත්ට වාර්තා කර ඉදිරි කටයතු කල යුතු අතර එසේ නොකරන්නේ නම් එම පොලිසිය හෝ නිලදාරියාට මහජනතාව වැටුප් ගෙවීමෙන් පලක් නැත.
රාවණා සටහන
නීතිය සහ සාමය ආරක්ෂා කිරීමට නම් ප්රථමව පොලිස් කැඳවීමට අනුගත විය යුතුය. ගෞතම බුදුන් වහන්සේද දේශනා කර තිබෙන්නේ තමන් ජීවත් වන දේශයේ රජු විසින් පනවා තිබෙන නීතියට අනුකූල විය යුතු බවයි. එසේ නොමැතිව ශ්රමනයන් වහන්සේලා ජීවත් විය යුත්තේ බලහත් කාරයෙන් ඉඩම් අල්ලා ගැනීමට, වංචා කිරීමට, මුදලාලිලා සේ ජීවත් වෙමින්, රට හැම තැනම කාන්තාවන් තබාගෙන චන්ඩින් සේ ජනතාව පීඩා කරමින් හැසිරීමට නොවන බව ද අප සියලු බලදාරීන්ට ද බුදු මග නොයන හිමිවරු නොවන නාමික පුද්ගලයන්ටද අප මතක් කර දෙන්නෙමු.
එසේම මෙම පැමිණිල්ලට අදාළ සිද්ධියේදී අදාළ හිමිනමට එරෙහිව, සාමය කඩ වන බව දනිමින්ම සාමකාමී මිනිසුන් ප්රකෝප කරවීම, අයුතු බලහත්කාරය, කූට ලේඛණ සැකසීම, වංචාව, ආරවුල් ඇතිකරවීම ආදී වගන්ති ගණනාවකින්ම අපරාධ නඩු පැවරීමට මේ පැමිණිල්ලේ කාරනාම ප්රමාණවත්ය. එය එසේ වන තෙක් අප මාද්ය ආයතනයක් ලෙස බලාපොරොත්තු වන අතර පැමිණිල්ලට සාධාරණයක් නොවන ලෙස කටයුතු සිදුවන්නේ නම් අපටද දිගින් දිගටම ලියන්නට සිදු වනු ඇත. එසේම ශ්රී ලංකාව පුරාම විවිධ පොලිස් ස්ථානවල මෙසේ නොවිසදුනු මහජන පැමිනිලි ගනනාවක්ම අප සතුව තිබෙන බවද සටහන් කරමු
එසේම පැමිණිල්ල විභාග කර අපරාධ කරුවන් අත් අඩංගුවට නොගැනීම සහ හෝ අපරාධ වැළක්වීමේ නිසි බලධාරියා වන ප්රදේශයේ මහේස්ත්රාත් වෙත කරුනු ඉදිරිපත් නොකිරීම පිළිබඳවද ගොඩකවෙල පොලිසියේ අදාල නිලදාරීන්ට එරෙහිව නීතිය ක්රියාත්මක විය යුතුය. රාජකාරිය පැහැර හැරීම පිළිබදව පොලිස් ස්ථානාධිපති ඇතුළු නිලදරීන්ටද නඩු පැවරිය යුතුය. එසේ කල යුතු බවට නීති පනවා තිබෙන්නේ ඒවා සිදු කල යුතු නිසාය.